විරාත් කෝලීලා විවාහය පිට දමා රට අමතක කරද්දි , අසනීපය පිට ක්‍රීඩා කර මවුබිම දිනවු අපේ සුරංග ලක්මාල්ගේ කැපවීම .!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් ලොව දිග්විජය කිරීමට ආරම්භ කළ සමයේ පටන් තරග දිනවිය හැකි වේග පන්දු යවන්නන්ගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අඩුවක් වූයේ නැත, අනූව දශකයේ සිට ශ්‍රී ලංකා වේග පන්දු බලඇණිය මෙහෙයවූ චමින්ද වාස් ලොව එදාමෙදා තුර බිහිවූ හොදම වමත් වේග පන්දු යවන්නෙක් ලෙස සැළකේ. ඉන්පසු ශ්‍රී ලංකා වේග පන්දුවේ වගකීම භාරගත් ලසිත් මාලිංග කළ කී දේ රටම දනි. ලොව බිහිවු විශිෂ්ඨතම අවසන් කරන්නා ලෙසද ලසිත් මාලිංග සැළකේ.

කෙසේ වෙතත් ලසිත් මාලිංගගෙන් පසු ශ්‍රී ලංකා වේග පන්දු බලඇණිය පිළිබදව රසිකයන්ට කුකුසක් තිබුණි. තරග දිනවිය හැකි වේග පන්දු යවන්නෙකුගේ රික්තකයක් ශ්‍රී ලංකා කණ්ඩායමට තිබුණි, කෙසේ වෙතත් ශ්‍රී ලංකා රසිකයන්ගේ සියලු සැකයන් මේ වනවිටත් අවසන්ව තිබේ. ඒ ශ්‍රී ලංකා වේග පන්දුවට නව ජීවයක් , නව බලාපොරොත්තුවක් ලැබි තිබෙනා නිසාය. වාස්, මාලිංගගෙන් පසු ශ්‍රී ලංකා වේග පන්දුවට අලුත් වීරයෙක් බිහිවි තිබේ.

දුෂ්කර සුරීයවැව ඉපිද , වයස අවුරුදු 19 සිට ශ්‍රී ලංකා වර්ණ දිනා ගැනීමට සමත් වූ ඔහු සුරංග ලක්මාල් ය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචරයේදී , ඉන්දීය පිතිකරුවන්ගේ භීතිකාව වී තිබෙන්නෙද සුරියවැවෙන් ශ්‍රි ලංකා ජාතික කණ්ඩායමට එක්වූ මේ තරුණ ක්‍රීඩකයාමය. ටෙස්ට් තරගාවලියේ සිටම සුරංග ලක්මාල්ගෙන් ලකුණක් උදුරා ගැනීම පවා ඉන්දීය පිතිකරුවන්ට අපහසු විය, පළමු ටෙස්ට් තරගාවලියේ සුරංග ලක්මාල් පිට නිලකුණු පන්දුවාර අටක් යැවූ අතර එය ලෝක වාර්තාවකි.

පළමු එක්දින තරගාවලියේ පන්දු වාර දහයම යවන සුරංග ලක්මාල්ගෙන් ඉන්දියාව ලබා ගන්නේ ලකුණු 13ක් පමණි, නමුත් ඒ වනවිට ඉන්දීය ඉනිමේ හොදම කඩුලු හතරක් සුරංග ලක්මාල් දවාගෙන අවසන් ය. අවසානයේ තරගයේ වීරයා සම්මානයද හිමි කර ගන්නා සුරංග ලක්මාල් ඉන් පසුව රහසක් හෙළි කළේය, එනම් තමන් මෙම තරගයට ක්‍රීඩා කළේ අසනීපයෙන් බවය. සහෝදර ක්‍රීඩකයන්ගේ ඉල්ලීම නිසා සහ රට වෙනුවෙන් ක්‍රීඩා කර , මවුබිම දිනවීමට ඇති අවශ්‍යතාව නිසා අසනීපව සිටියද ලක්මාල් ක්‍රීඩා කර තිබේ.

මෙම තරගයේ ඉන්දියානුවන්ගේ පළමු කඩුලු 5 ලකුණු 16ක් තුළදී අහිමි කරමින් මෙයට පෙර 1983 වසරේදී ඉන්දියානුවන් සිම්බාබ්වේ හමුවේ පළමු කඩුලු 5 ලකුණු 17ක් තුළ දැවී ගිය වාර්තාවද කඩා දැමූ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දියානුවන් දණ ගැස්වීමට ප්‍රධාන දායකත්වය සපයා තිබුණේ සුරංග ලක්මාල්ය.

පන්දුවාර 10ක් යවා නිලකුණු පන්දුවාර 4ක්ද සමඟින් ලකුණු 13කට කඩුලු 4ක්ද දවාගනිමින් ඔහුගේ එක්දින දිවියේ හොඳම පන්දු යැවීමද සටහන් කර තිබූ සුරංග ලක්මාල් තරගයෙන් පසු ඉන්දීය මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ තම කණ්ඩායම මේ වන විට හොඳ ආරම්භයක් ලබා ඇති බවය. “අපි එක දිගට තරග 12ක් පරාජය වෙලා හිටිය අවස්ථාවක මෙවැනි ජයග්‍රහණයක් ලබාගැනීම පිළිබඳව ලොකු සතුටක් තියෙනවා. ඉන්දියාව කියන්නේ එක්දින ශේ්‍රණිගත කිරීමෙහි අංක දෙක ස්ථානයේ ඉන්න ශක්තිමත් කණ්ඩායමක්. ඔවුන් පරාජය කිරීම ලෙහෙස පහසු දෙයක් නොවෙයි. මෙම තරගය ජයග්‍රහණය කරන්න මුල සිටම අපි සැලසුම් හදලා හොඳින් පුහුණුවීම්වල යෙදුණා. කොහොම වුණත් අපි ගත්ත සියලුම සැලසුම් සාර්ථක වුණු නිසයි තරගය අපේ පැත්තට ආවේ. මුල් භාගයේදීම ඔවුන්ගේ කඩුලු 7ක් ලකුණු 29කට අහිමි කිරීම අපි ලැබූ ජයග්‍රහණයක්. ඒත් දෝනිගේ පිතිහරඹය ඉතා ඉහළයි” යනුවෙන් පැවැසූ ලක්මාල් ඇන්ජිලෝ මැතිව්ස්ගේ හා නුවන් ප්‍රදීප්ගේ පන්දු යැවීම සම්බන්ධයෙන් ප්‍රශංසා කළේය.

“මැතිව්ස් නැවතත් පන්දු යැවීම අපේ පන්දු යැවීමේ අංශය සමබර කරන්න බෙහෙවින්ම උදවු වෙනවා. ඔහුගේ බුද්ධිමත් පන්දු යැවීම අනෙක් පන්දු යවන්නට විශාල පහසුවක්. ඒ වගේම නුවන්ගේ නැවත පැමිණීමත් කණ්ඩායමට විශාල ශක්තියක්. ඔහු ලබාගත්තේ අතිශය තීරණාත්මක කඩුලු දෙකක්. කොහොම වුණත් දිල්ලිවල තිබුණු අවසන් ටෙස්ට් තරගයේදී මම අවස්ථා කිහිපයක්ම වමනය කළා. ඒ නිසා මම 100%ක්ම යහපත් තත්ත්වයකින් නොවෙයි මේ තරගයට පිවිසියේ” යනුවෙන්ද ලක්මාල් සඳහන් කර ඇත.

ක්‍රීඩාව හා රට නිසා බිලියනපතියන් වූ විරාත් කෝලීලා සිය පෙම්වතිය සමග විවාහ වී , සුපිරි හෝටලයක මධුසමය ගත කිරීමට තරග මග හරිද්දි , අසනීපව සිට පවා මවුබිම වෙනුවෙන් ක්‍රීඩා කළ අපේ සුරංග ලක්මාල් ලාට මවුබිමේ ගෞරවය හිමි විය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *