මාලිංග ඉවතට – සදීරට , සචිත් පතිරණට දිගටම අවස්ථාව , ලැබ්‍රෝයීගේ අපූරු සංචිතය පිටවේ .!

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ හිටපු නායක ලසිත් මාලිංග ඉවත් කිරීමට ග්‍රැහැම් ලැබ්‍රෝයී , සජිත් ෆ්‍රනාන්දූ , ජෙරිල් වෝටර්ස් ඇතුලු තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති විස්සයි20 තරගාවලියටද මාලිංග ඇතුළත් නොවූ අතර ඉන්දියාවට එරෙහිව මෙරටදී පැවැති විස්සයි20 තරගය ඔහු අවසන් වරට ක්‍රීඩා කළ ජාත්‍යන්තර තරගය විය.

මේ දිනවල ඉන්දියාව එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් සුරංග ලක්මාල් සහ ළහිරු තිරිමාන්න පමණක් විස්සයි20 සංචිතයට ඇතුළත්ව නොමැති අතර ඔවුන් වෙනුවට දසුක් ශානක සහ විශ්ව ප්‍රනාන්දු සංචිතයට කැඳවා තිබේ. පාකිස්තානයට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ තිසර පෙරේරා, මෙම තරගාවලියේදීද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට නියමිතය.

මේ අතර දිගින් දිගටම අසාර්ථක සදීර සමරවික්‍රම සහ සචිත් පතිරණට දිගින් දිගටම අවස්ථාව ලැබීම නම් පුදුමාකාරය,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *