ක්‍රිකට් තරග පාවා දෙන හැටි – ක්‍රිකට් ලොවම කැළඹු විඩීයෝව .! (VIDEO)

ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙක් කියූ පරිදි ‘ තරග ෆික්ස් කිරීමට බුකිකරුවන් ක්‍රීඩකයන්ට ඔෆර් කරන්නේ කෝටි ගණනක ලංසුවක් ය, එවැනි ලංසුවක් ප්‍රතික්ෂේප කළ හැක්කේ අතලොස්සකට පමණි. ඉතින් බොහො දෙනා නොදැන , ක්ෂේත්‍රය පමණක් දැනුවත්ම ක්‍රිකට් ක්‍රීඩාව බුකිකරණය වී ඇත ,

පිතිකරුවන් එල්ලකරන පහරක් , පන්දු යවන්නෙක් යැවු පන්දුවක් සැබැවින්ම යැව්වේ බුකිකරුවෙකුගේ උවමනාවට විය හැකිය, මේ තත්වය ඉන්දීය , ශ්‍රී ලංකා , පාකිස්තාන හා බංග්ලාදේශ ක්‍රිකට් සදහා ප්‍රබල ලෙස බලපෑවද ඕස්ට්‍රේලියා , එංගලන්ත ක්‍රිකට් සදහා බලපෑවේ අවම ලෙසය, නොමැති නම් බොහො දෙනා සිතා සිටියේ එලෙසය. කෙසේ වෙතත් එය එසේ නොවන බව දැන් ඔප්පු වී තිබේ, ක්‍රිකට් ක්‍රීඩාවේ පූජනියම තරගය , ඕස්ට්‍රේලියා , එංගලන්ත සුද්දන් පූජනියත්වයෙන් සලකන අලු බදුන තරගාවලියටද ඉන්දීය බුකි කරුවන්ගේ අදිසි හස්තය දිගුව තිබේ.

ක්‍රිකට් පිටියේ සිදුවූ බවට පැවසෙන ඔට්ටු තැබීම් පිලිබඳව පසුගියදිනවල විදෙස් මාධ්‍ය ඔස්සේ තොරතුරු රැසක් වාර්තා වූවා.කෙසේ වෙතත් මෙහි නවතම හෙළිදරව්ව පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. ඒ ලෝක ප්‍රසිද්ධ අළු බඳුන ක්‍රිකට් තරඟාවලියේ මේ වනවිට පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟය අතරතුර සිදුකිරීමට උත්සාහයක් පවතින බවට පැවසෙන ඔට්ටු තැබීමක් පිළිබඳවයි.

ඔවුන් චෝදනා කරන්නේ මේ සඳහා ක්‍රීඩකයන් ද සහයෝගයද හිමිවිය හැකි බවයි.එහිදී ඒ සඳහා ක්‍රීඩකයන් විසින් විවිධ සංඥා භාවිත කෙරෙන බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.මේ සඳහා ක්‍රීඩකයන් භාවිත කරන අත් ආවරණ ඇතුළු ආරක්ෂක උපාංග ද භාවිතයට ගන්නා බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාල සංඥා ක්‍රමය IPL තරඟ වලදීද භාවිත කර ඇති බව එම වාර්තාවල දැක්වෙයි. මේ අතර අදාළ තොරතුරු අනාවරණ කරන ලද බ්‍රිතාන්‍ය SUN පුවත්පත විසින් මේ පිළිබඳව සියලු තොරතුරු ICC වෙත මේ වනවිටත් යොමුකර තිබීමත් විශේෂත්වයක්. විදෙස් ක්‍රීඩා මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙලෙස ඔට්ටු තැබීම පුද්ගලයන් දෙදෙනකු විසින් ක්‍රියාත්මක කෙරෙන බවයි.ඒ අනුව ඔවුන්ගේ බවට පැවසෙන ඡායරූප ද ඔවුන් මාධ්‍ය මගින් ප්‍රචාරය කර තිබෙනවා.

එම සිදුවීම වාර්තාවීමත් සමග ඔ්ස්ටේ‍්‍රලිනායානු ක‍්‍රිකට් පාලක මණ්ඩලය විශේස නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ ඔවුන් ඒ පිළිබදව විශේෂ විමසිල්ලකින් පසුවන බවයි.. මේ අතර ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අදාල සිදුවීම පිළිබඳව ICC ය විසින් සිදුකරනු ලබන ඕනෑම පරීක්ෂණයක් සඳහා තම සහයෝගය හිමිවන බවයි. අදාළ මාධ්‍ය විසින් වැඩිදුරටත් වාර්තා කර ඇති පරිදි ඔට්ටු තැබීම සිදුවන්නේ පන්දු වාරයකට රැස්කරන ලකුණු ප්‍රමාණයන් පදනම් කරගනිමින්.

අදාල ඔට්ටු තබන්නන් මේ සඳහා ඉන්දීය වෙළඳපොලයි තෝරාගෙන ඇති අතර එහිදී මුදල් හුවමාරු කරගැනීම සඳහා අරාබි රටවල සහ ආසියාවේ වඩාත් ප්‍රචලිත මුදල් හුවමාරු ක්‍රමයක් වන හවාලා ක්‍රමය භාවිත කෙරෙන බවයි එහි දැක්වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *