ඉන්දියාවේ ප්‍රවීණයා ලංකාවට අපහාස කරද්දී සංගා කිව්ව සුපිරි කතාව මෙන්න (PHOTOS)

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවැනි එක්දින තරඟයේදී ඉන්දීය කණ්ඩායම ඉතා පහසුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්කළ අතර එම තරඟයේ රෝහිත් ශර්මා ඉතා විශිෂ්ට ගණයේ පිතිහරම්භයක නිරත වෙමින් තම එක්දින ක්‍රිකට් දිවියේ තෙවන ද්විත්ව ශතකය ලබා ගැනීමට සමත් විය.

ඇන්ජලෝ මැතිව්ස් සහ අකිල ධනංජය හමුවේ පමණක් තරමක සංයමයෙන් පන්දුවට පහරදුන් රෝහිත් ශර්මා අනෙකුත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ ඉතා දැඩි ප්‍රහාරයක් එල්ල කරන ආකාරය දැකගත හැකි විය.

කෙසේ හෝ මෙම තරඟයේ අසරණ වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉදිරියේම තරඟාවලියේ පළමු තරඟයේදී ඉන්දීය පිතිකරුවන් ඉතා අසරණ වී සිටින ආකාරය දැකගත හැකිවූ අතර ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ දැවී ගියේ ඉතා අසරණ ආකාරයෙනි.

මේ අකාරයෙන් ඉන්දීය පිතිකරුවන් අසරණ කර ශ්‍රී ලංකාව පළමු තරඟය ජය ගත්තද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හෝ පැරණි ක්‍රීඩකයන් ඒ අසරණ වූ ඉන්දියායා ක්‍රීඩකයන්ට සමච්චල් කිරීමට හෝ අපහාස කිරීමට නොගියේ ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය එය බව හොඳින් දන්නා බවය.

නමුත් දෙවැනි තරඟයේ රෝහිත් ශර්මාගේ පිතිහරම්භයට සුබ පතමින් ඉන්දීය හිටපු නායකයෙකු වූ සව්රව් ගංගුලි පවසා තිබුනේ තමන් ඒ වෙලාවේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ මුහුණු දිහා බැලු බවත් එම මුහුණු දුටුවිට තමාට දුක සිතුන බවත්ය.ගංගුලි ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ මුහුණු දකින්නට පෙර පළමු තරඟයේ ඉන්දීය පිතිකරුවන්ගේ මුහුණු නොදැකීම පුදුමයට කරුණකි.

ගංගුලි මෙලෙස තවත් අය පහත් කරමින් තම ක්‍රීඩකයාට සුභ පතන විට ක්‍රිකට් ක්‍රීඩාවේ නියම මහත්මයෙකු වූ කුමාර සංගක්කාර රෝහිතගේ ඉනිම ගැන ප්‍රකාශ කර තිබුනේ එය අදහාගත නොහැකි දක්ෂතාවයක් බවය.මහත්වරුන්ගේ ක්‍රීඩාවෙන් පන්නරය ලැබූ මහත්තුරු සහ මහත්හොරුන්ගේ වෙනස මේ සිද්දියෙන් මනාව පැහැදිලි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *